යුරෝපයේ සීතල නිසා 60 ක් මිය ගිහින්

views 578 2018-03-03 10:22:00 world

යුරෝපයට බලපා ඇති ශීත කාලගුණික තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 60ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පෝලන්තයේදී පමණක් හිමෙන් ඝණ වී තිබූ මළ සිරුරු ඇතුළු මළ සිරුරු 23ක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.

ප්‍රංශය, ස්පාඤ්ඤය, ඉතාලිය, රොමේනියාව, ස්ලෝවැකියාව, බ්‍රිතාන්‍ය  සහ නෙදර්ලන්තය ඇතුලු රටවලින් සෙසු මරණ වාර්තා වී තිබේ.

මේ අතර අයර්ලන්තය ඇතුළු රටවල් කිහිපයක රථ වාහන ගමනාගමනය හා ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අතර විදුලියද විසන්දි වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post