කටුනායක කොෆී බීන් අළුත් වෙයි

views 533 2018-02-23 09:58:00 business

මෙරට අතිශයින් ජනප්‍රිය කෝපි අලෙවිසැල් එකතුවක් වන ද කොෆී බීන් ඇන්ඩ් ටී ලීෆ් (The Coffee Bean and Tea Leaf) හි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පවත්වාගෙන ගිය අලෙවිසැල අලූත්වැඩියා කිරීමෙන් අනතුරුව නව මුහුණුවරකින් පසුගිය 18දා නැවත විවෘත කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ගරු ආරාධිතයා ලෙස සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ගරු ජෝන් අමරතුංග මහතා සහභාගී වූහ. එමෙන්ම ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති සමන් එදිරිවීර මහතා, එහි උපසභාපති රංජිත් ද සිල්වා මහතා, එහි අධ්‍යක්ෂ ජෙෆ් ගුණවර්ධන මහතා සහ The Coffee Bean and Tea Leaf හි සභාපති රෝමන් ස්කොට් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වී සිටියහ.

2006 වසරේදී මුලින්ම විවෘත කෙරුණු එම අලෙවිසැල කටුනායක ගුවන්තොටුපළ තුළ ජාත්‍යන්තර සමාගමක් විසින් මුලින්ම විවෘත කරන ලද සහ දිගුම කාලයක් පවත්වාගෙන යන ලද අලෙවිසැල ලෙස සැලකේ.

ලොව ඕනෑම තැනකදී පාරිභෝගිකයන්ට තම නිවෙස් වලදී තරමටම සුවපහසුව සහිතව ප්‍රණීත පානයන් රසවිඳීමට අවස්ථාව සලසා දීම The Coffee Bean and Tea Leaf හි මූලික දැක්ම වී ඇත. 1963 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි හොලිවුඩ් නගරයේදී ආරම්භ වූ එහි දම් සහ සුදු පැහැයන් සහිත ලාංඡනය බොහෝ දෙනෙකු හඳුනන අතර එය ලොව පාරිභෝගිකයන් අතර අතිශයින් ජනප්‍රිය සන්නාම අතරින් එකක් ලෙස සැලකේ. ලොව ජනප්‍රිය පුද්ගලයන් බොහෝ දෙනෙක් The Coffee Bean and Tea Leaf හි ප්‍රණීත පානයන් රසබලා ඇත. දැනට ජනප්‍රිය ‘Frappucino’ පානයන් නිර්මාණය වීමට බොහෝ කාලයකට පෙර 1987 වසරේ එක්තරා ග්‍රීෂ්ම කාලයකදී The Coffee Bean and Tea Leaf හි කෝපි සාදන්නෙකු ‘Ice Blended’ පානයන් ලොවට හඳුන්වා දුන් අතර එම පානයන් මේ වනවිට ලොව පුරා අතිශයින් ජනප්‍රිය වී තිබේ. වර්තමානයේ ලොව පුරා පිහිටි The Coffee Bean and Tea Leaf අලෙවිසැල්වලට දිනකට පාරිභෝගිකයෝ මිලියන 3 කට අධික සංඛ්‍යාවක් පැමිණෙති.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය නිමාවීමටත් පෙර සිටම, කොළඹ නගරය නාගරික කේන්ද්‍රයක් ලෙස දියුණු වීමේ හැකියාව මුලින්ම හඳුනාගත් කෝපි අලෙවිසැල් ජාලයක් ලෙස The Coffee Bean and Tea Leaf අලෙවිසැල් ජාලය හැඳින්විය හැක. එහි ප්‍රධානතම අලෙවිසැල වන මේට්ලන්ඩ් චන්ද්‍රවංකයෙහි පිහිටි අලෙවිසැල 2007 වසරේදී විවෘත වූ අතර දිවයිනේ දුෂ්කරම කාලපරිච්ඡේදයන්හිදී පවා එය විවෘතව පැවතිණි.

“ශ්‍රී ලංකාවේදී අපට ඉතාම යහපත් ප්‍රතිචාරයක් ලැබුණා. ඒ වෙනුවෙන් අප ශ්‍රී ලංකාවේ ජනතාවට කෘතඥ වෙනවා. යුද්ධයේ අවසාන අදියර පැවති කාලසීමාවේදී මෙරටට පැමිණි ප්‍රථම ජාත්‍යන්තර සන්නාමය අපයි. එදා පටන් අද දක්වාම අපගේ පාරිභෝගිකයන්ට උසස්ම ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන හා සේවාවක් ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම ඔවුන් වෙතින් අපට ලැබෙන උණුසුම් ප්‍රතිචාරයේත් කිසිදු අඩුවක් නැහැ.” ‘Calamander Group’ හි අනුබද්ධ සමාගමක් වන The Coffee Bean and Tea Leaf හි සභාපති රෝමන් ස්කොට් මහතා පැවසී ය.

මේ වනවිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ The Coffee Bean and Tea Leaf අලෙවිසැල නවීන ආකාරයට අලංකාර වී නැවත විවෘත වී තිබේ. මෙහි පැරණි දැවමය පෙනුම වෙනුවට මේ වනවිට කැලිෆෝනියා විලාසිතාවන්ට අනුව වඩාත් දීප්තිමත් වර්ණ යොදා ඇත. එමෙන්ම පෙරට වඩා, රැගෙන යා හැකි ආහාරපාන වර්ග වැඩි ප්‍රමාණයක් මෙම අලෙවිසැලෙන් මිලදීගත හැකි වේ. තවද වැඩි දෙනෙකුට අසුන්ගත හැකි ලෙස අලෙවිසැල සැලසුම් කර ඇති අතර විශාල ප්‍රමාණයේ ශීතකරණයක් සමගින් මුල්තැන්ගෙයි ඉඩකඩද පුළුල් කර ඇත.

(under the courtesy of srilankamirror.lk news web)

පුවත්

Recent Post