අගමැති ඉවත් නොවුණොත් අපි ස්වාධීන වෙනවා - දයාසිරි

views 526 2018-02-13 01:48:00 news

ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵලය අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරණ ආණ්ඩුවකට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හැකියාවක් නැතැයිද, එබැවින් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වීමට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම තීරණයක් ගෙන ඇතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඔහු මේබව කියා සිටියේ ජයසේකර මහතා ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඉවත්වීමට බඩු අස්කරණ බවට පැතිර ඇති රාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ අපට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් සමඟ අමනාපයක් නොවන බවත්, වික්‍රමසිංහ මහතා ඉවත් කර සකස් කරනු ලබන ඕනෑම ආණ්ඩුවකට සහය ලබාදෙන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් 41ක් අතරින් 35 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) මොනම හේතුවක් මත හෝ එක් නොවන බවට සහතිකව සිටින බවත් දයාසිරි මහතා සඳහන් කළේය.

මේ අතර, එම කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙමින් මැද මාවතේ බලවේගයක් සකස් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ, අතුරලියේ රතන හිමි හා අමාත්‍ය චම්පික රණවක යන අය සමඟ මේවන විට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.

චම්පිකත් එජාපයේ මූහුණත එක්ක බැරි බව කබීර්ට කියලා

අමාත්‍ය චම්පික රණවක මහතා ද එජාපයේ මුහුණත වෙනස් නොකරන්නේ නම් එජාපය සමඟ තවදුරටත් කටයුතු නොකරන බව එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා ට දන්වා ඇතැයි ද එජාප අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

(under the courtesy of srilankamirror.lk news web)

පුවත්

Recent Post