දිනකට ගණිකාවන් 45,000 ක් ලක්ෂ 3 කට සේවය කරයි- 

views 536 2018-02-13 12:04:00 news

දිනකට ගණිකාවන් 45,000 ක් ලක්ෂ 3 කට සේවය කරයි
රට පුරා ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවන් 45,000 ක්‌ දිනකට පිරිමි පුද්ගලයන් ලක්‍ෂ 03 කට පමණ සේවය සපයන බව කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස්‌ මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය එච්. ඒ. සී. ඩබ්ලිව්. හතුරුසිංහ මහතා පවසයි.

ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරු වූ ලංකාවේ වැඩිම පිරිස වයස අවුරුදු 15 ත් 25 ත් අතර තරුණ පිරිමි පුද්ගලයන්ය. 

ඒ මහතා මේ බව පැවැසුවේ ජාත්‍යන්තර ඒඩ්ස්‌ දිනයට සමගාමීව ඉකුත්දා කුරුණෑගල නගරයේ ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ දේශනයක්‌ සිදුකරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය හතුරුසිංහ මහතා මෙසේ ද පැවැසීය.

"එච්. අයි. වී. ආසාදිතයන් බහුලව වාර්තාවන දෙවැනි පළාත හැටියට පසුගිය සමයේ වයඹ පළාත නම්කර තිබුණා.දැන් ඒ තත්ත්වය වෙනස්‌ වුණත් දැනට හඳුනාගත් එච්. අයි. වී ආසාදිතයන් 2600 කට අධික පිරිසක්‌ සිටිනවා. මේ වනවිට අප රටේ සමලිංගික සේවයේ යෙදෙන ලාංකිකයන් ගණන ලක්‍ෂ 25 ක්‌ පමණ වෙනවා. වැඩි වශයෙන් වයස අවුරුදු 15 ත් 25 ත් අතර පිරිමි අය ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරුවී සිටිනවා. එම වයස්‌ කාණ්‌ඩවල පිරිස ඉලක්‌ක කරගෙන දැනුවත් කිරීමේ නව වැඩපිළිවෙළක්‌ ආරම්භ කර තිබෙනවා".

"ඒඩ්ස්‌ රෝගය පිළිබඳ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්‌ඨාස 30 ක වෙසෙන ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නවා. දැනට ජනතාව සහ ආරක්‍ෂක අංශ දැනුවත් කරනවා. පාසල් හා උපකාරක පන්ති යන දරුවන්ට දේශන පවත්වනවා. සායන පැවැත්වීම, අත්පත්‍රිකා, ස්‌ටිකර් බෙදාදීම සහ මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීම් කරමින් 2025 වර්ෂයේදී ඒඩ්ස්‌වලින් තොර ශ්‍රී ලංකාවක්‌ ඇති කිරිම සඳහා දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් වැඩසටහන් ඉතා සාර්ථකව සිදුකරනවා. දැනට පවත්වාගෙන යන වැඩසටහන්ද එක්‌ දිනකට පමණක්‌ සීමා නොකර ඉදිරියටත් පවත්වාගෙන යනවා" යැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

(under the courtesy of srilankamirror.lk news web)

පුවත්

Recent Post