ඉස්මයිල් හනීයා ත්‍රස්ථවාදියෙකු ලෙස නම් කරයි

views 528 2018-02-01 09:29:00 world

හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනීයා ත්‍රස්ථවාදියෙකු ලෙස අමෙරිකාව විසින් නම් කර තිබේ.

ඔහුට එරෙහිව සම්බාදක පැනවීමට ද අමෙරිකාව තීරණය කර ඇති බව විදෙස් මාධය සඳහන් කළේය.

ඉස්මයිල් හනියා පලස්තීනයේ දේශපාලන පක්ෂ නායකයෙකු ලෙස කටයුතු කරන අතර හමාස් සංවිධානය පලස්තීන සන්නද්ධ අරගලයේදී සිවිල් වැසියන් ඝාතනය කර ඇති බව ඇමරිකාව පවසයි.

අමෙරිකාව, ඊශ්‍රායලය, එක්සත් රාජධානිය හා යුරෝපීය රටවල් හමාස් සංවිධානය ත්‍රස්ථවාදී සංවිධානයක් ලෙස ද නම් කර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post