ඉතාලි වෙරළාරක්ෂක නිලධාරීන් විසින් සංක්‍රමණිකයින් 800 ක් බේරගෙන

views 50 2018-01-29 09:22:00 world

මධ්‍ය ධරණී මුහුදේ දී අනතුරට ලක්ව සිටි සංක්‍රමණිකයින් 800ක පමණ පිරිසක් ඉතාලි වෙරළාරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන තිබේ.

යුරෝපය බලා ගමන් කරමින් සිටි පිරිසක් මෙලෙස බේරාගෙන ඇති අතර මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු ද එහිදී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුරට ලක්වූවන් කුමන ජාතිකයින් ද යන්න පිළිබද මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්ය.

බේරාගැනීමේ මෙහෙයුම් සඳහා ඉතාලි වෙරළාරක්ෂක නිලධාරීන් හෙලිකොප්ටර් යානා ද යොදාගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post