ජී.එල්.ගේ මුල් ගුරා නිසා මඩුල්ලේ ඡන්දය ලොප් වෙයි ?

views 229 2018-01-13 01:58:00 news

පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල මඩුල්ල ප්‍රදේශීය සභාවට තරඟ වැදීම සඳහා ජී. එල් පීරිස්ගේ පක්ෂයෙන් ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුවේ විදුහල්පතිවරයෙක් නම් ලබා දී ඇතැයි වාර්තා වේ.

එය මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමක් බැවින් එම පක්ෂයේ නාමයෝජනා පත්‍රය අහෝසි කර එම ප්‍රාදේශීය සභාව සඳහා මැතිවරණය පැවැත්වීම අහෝසි කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ඇතුළු පස්දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ 11දා රිට් පෙත්සමක් ගොනු තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා, සමන් ප්‍රේමජිත් වික්‍රමආරච්චි, දිසානායක මුදියන්සේලාගේ අරුණසිරි සම්පත් කරුණාරත්න හා දිසානායක මුදියන්සේලාගේ මුණසිංහ යන අයවිසින් මෙම පෙත්සම ගොනුකර ඇත.

මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, සහ එම කොමිසමේ සාමාජිකයින් තිදෙනා, දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ හා පොදු ජන පෙරමුණ පක්ෂ ලේකම්වරුන් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

පොදු ජන පෙරමුණ පක්ෂ නායක ජී.එල්. පීරිස් මහතාගේ අධීක්ෂණය යටතේ අදාළ නාම යෝජනා පත්‍රය එම පක්ෂය සකසා ඇති බව පැවසේ.

(under the courtesy of srilankamirror.lk news web)

පුවත්

Recent Post