ජනවාරී 8ට කලින් මේ ආණ්ඩුව කුස්සිය ඇතුළට ගිහින් බැලුවා

views 556 2018-01-12 04:33:00 news

අද වන විට රට අපායටත් අන්ත තත්ත්වයකට ඇඳ වැටී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

අද(12) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා විසින් 2015 ජනවාරි මසයට පෙර හාල් කිලෝවක් රුපියල් 55ට ලබා දෙන විට රනිල් වික්‍රමසිංහ මහතා කුස්සිය ගොස්  තුළට ගොස් එම මිල ගණන් විවේචනය කළ බවත්, අද වන විට හාල් කිලෝවක් රුපියල් 110 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මන්ත්‍රිවරයා මෙහිදී සඳහන් කළේය.

ආර්ථිකයේ මෙවැනි බිඳ වැටීමක් තිබෙන මොහොතක ලංකාවේ ඇති ලොකුම ගැටළුව තැබැරුම් ඇර තිබෙන වේලාවන් සංශෝධනය කිරීම වන බව ද මන්ත්‍රී වරයා පැවසීය.

ජනතාව වැඩි වශයෙන් මත්පැන් පානය කර සිටිම නිසා රටේ ඇති බොහෝමයක් පිළිබඳ උනන්දුවක් නොමැති වීම ආණ්ඩුවට වැඩකටයුතු සිදු කිරීමට පහසු බවද මන්ත්‍රීවරයා මෙහිදි කියා සිටියේය.

මේ සියලු තත්ත්වයන් මත අද වන විට ලංකාව අපායටත් අන්ත තත්ත්වයකට පත්ව ඇති බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post