රුසියාව පැනවූ තේ තහනම ඉවත් කර ගැනීමේ තවත් උත්සාහයක්

views 245 2017-12-26 09:42:00 business

රුසියාව මෙරට තේ සඳහා පනවා ඇති තාවකාලික තහනම ඉවත් කර ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට රුසියාව බලා ගිය ශ්‍රී ලාංකික නිලධාරී කණ්ඩායම හා එරට ශාක නිරෝධායන ආයතනයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත් වේ.
ඒ රුසියාවේ මොස්කව් නුවරදීයි.

වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නියෝජිතයින් 9 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් රුසියාව බලා පිටත්ව ගියේ ඊයේ පෙරවරුවේදීයි.

රුසියානු රජය, ශ්‍රී ලංකාවේ තේ සඳහා පනවා ඇති තාවකාලික තහනම ඉවත් කරගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ඇති.

පසුගිය 18 වන දා සිට රුසියාව මෙරට තේ මිලදි ගැනීම, අත්හිටවනු ලැබී ය.

ඒ ආනයනය කළ තේ කන්ටේනරයක තිබී කප්රා බීට්ල් නමැති කෘමියෙකු සොයා ගැනීමත් සමඟයි.


(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

පුවත්

Recent Post