පරිසර නියමුවන්ට ජනපති පදක්කම් දෙයි

views 66 2017-09-14 09:19:00 news

පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රධානෝත්සවයද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පවත්වා තිබේ.

මධ්‍යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව ජාතික පරිසර නියමු වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

හත්වන වරටත් පැවති මෙවර පදක්කම් ප්‍රධානෝත්සවයේදී දිස්ත්‍රික් 09කින් පාසල් 16ක් නියෝජනය කරමින් පරිසර නියමුවන් 40 දෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් පරිසර නියමු ජනාධිපති පදක්කම් ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙහිදී විශේෂ කුසලතා දැක්වූ පාසල් හා ගුරුවරුන් ඇගයීම ද සිදුකර තිබේ.

(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post