ජනපති හමුවුණු අරුන්දික ප්‍රශ්නයට උත්තරෙත් දීලා

views 421 2017-09-14 08:58:00 news

නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දුගේ ඇමති ආරක්ෂාවද ඉවත් කර තිබෙනවා.

ඒ් අනුව ඔහුගේ ආරක්ෂාවට සිටි ඇමති ආරක්ෂක නිළධාරීන් 06 දෙනා ඊයේ (13) දිනයේ සිට ඉවත් කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

ඒ වෙනුවට පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකුගේ ආරක්ෂාවට ලබා දෙන පොලිස් නිළධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව ඔහුට ලබා දී තිබෙනවා.

මේ අතර, ඊයේ දිනයේ දී අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද මුණ ගැසුණා. පසුව ජනාධිපතිවරයා සහභාගි වූ උත්සවයකටද ඔහු එක්ව සිටීම විශේෂත්වයක්.

ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රිවරයාට වැරදි නිවැරදි කර ගැනීමට අවස්ථාවක් පවතින බවයි.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දුට නැවතත් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවනු ඇති දැයි නෙත් නිවුස් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරාගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු පැවසුවේ අරුන්දික ප්‍රනාන්දු ජනාධිපතිවරයා හමුවීම හරහා එම ප්‍රශ්නයට පිළිතුර ඔහු විසින්ම ලබා දී ඇති බවයි.

 


(under the courtesy of nethfm news web)

පුවත්

Recent Post