කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්

views 300 2017-08-13 07:02:00 news

කොළඹ-නුවර, පේරාදෙණිය, කිරිබත්කුඹුර, මාර්ගයේදී වෑන් රථයක් අධිබලැති විදුලි රැහැන් කණුවක ගැටීමෙන්  සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අදාළ වෑන් රථය අධිබලැති විදුලි රැහැන් කණුවක ගැටීමෙන් පසුව අදාළ රැහැන් කණුව වෑන් රිය මතට  කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

එමෙන්ම එම රැහැන් කණුවත් සමඟින් තවත් විදුලි රැහැන් කණුවක් ඒ මතට කඩා වැටී ඇති බව සඳහන්ය.

මේ හේතුවෙන් කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ ඒ ආසන්න ප්‍ර දේශයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.


(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post