මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමට අසීරුයි

views 819 2017-08-13 04:47:00 news

ශ්‍රී ලංකාවේ පිහිටීම හේතුවෙන් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම අසීරු වී ඇති බව නීතිය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර  සහය ද ලබා ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමට සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ “ හසරැල්ලේ කැරැල්ල“ මත්ද්‍රව්‍ය විරෝධී පා ගමනට එක්වෙමින් සාගල රත්නායක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මේ අතර බ්‍රසීලයේ සිට ආනයනය කරන සීනි  කන්ටේනර් දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට ශ්‍රී ලංකා රේගුව පියවර ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමඟ ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post