භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ

views 757 2017-08-13 12:48:00 news

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ප්‍රදේශය ආශ්‍රිතව හටගත් භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපත ආශ්‍රිතව ගොඩබිමේ සිට කිලෝමීටර් 74ක් දුරින් සහ කිලෝමිටර් 35ක් ගැඹුරින් වූ මුහුදු ප්‍රදේශයේ අද(13) පෙරවරුවේ හටගත් මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 6.4ක් ලෙස සටහන්ව තිබුණි.

කෙසේවෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමක් සිදු නොවූ අතර භූ කම්පනය ඉන්දුනීසියාවේ නගර කිහිපයකට මෙන්ම සිංගප්පූරුවට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූ කම්පනයෙන් හානී සිදු වූ බවට මෙතෙක් වාර්තා වී නොමැති බව ද සඳහන්ය.

සුමාත්‍රා දූපත් ආශ්‍රිතව  හටගත් භූ කම්පනයෙන් ශ්‍රී  ලංකාවට කිසිඳු බලපෑමක් ඇති නොවන බවට මේ වන විට තහවුරු වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.


(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post