බණ්ඩාරවෙල ගින්නක්

views 405 2017-08-13 11:39:00 news

බණ්ඩාරවෙල, ධර්මවිජය මාවතේ වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ.
 
බණ්ඩාරවෙල පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේය.

මෙලෙස ගිනිගැනීමට ලක්ව ඇත්තේ සංගීතභාණ්ඩ අළෙවිසැලක් වන අතර සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව සඳහන්ය.

ගින්න හටගැනීමට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති බවත්, බණ්ඩාරවෙල පොලීසිය මේ පිලිබදව වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
  

(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post