ඊජිප්තු හමුදාවේ අභීත ක්‍රියාවක් අන්තර්ජාලයට

views 751 2017-07-27 11:15:00 world

පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහනයක්  හරස් කර එය උඩින් ගමන් කර යළිත් අනෙක් පසට පැමිණ සාමාන්‍ය ජනතාව ආරක්ෂා කළ හමුදා යුද ටැංකියක සිටි භට පිරිසක්‌ පිළිබඳ සජීවී දර්ශන මේ වනවිට අන්තර්ජාලයට එක්ව තිබෙනවා.

මෙම අභීත ක්‍රියාව නිසා සාමාන්‍ය වැසියන් 50දෙනෙකු බේරා ගැනීමට හැකි වූයේ ඊජිප්තු හමුදාවේ යුද ටැංකියක සිටි භට පිරිසකටයි.

ඊජිප්තුවේ -උතුරු සිනායි ප්‍රදේශයේ හමුදා මුරපළක්‌ වෙත මෙම පුපුරන ද්‍රව්‍ය රැගත් වාහනය අධික වේගයෙන් ළඟා වෙමින් සිටියා.

අධික වේගයෙන් පැමිණෙන මෙම අසාමාන්‍ය මෝටර් රථය දුටු යුද ටැංකියේ රියදුරු ක්‍රියා කළ ආකාරය වීඩියෝවේ දැක්වෙනවා.

මේ අවස්‌ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි ළමයින් දෙදෙනකු ඇතුළු සිවිල් වැසියන් 7 ක්‌ මිය ගියත් යුද ටැංකියේ රියදුරු සහ භට පිරිස එම මෝටර් රියේ ගමන් මග අවහිර කර ඉලක්කය ව්‍යාර්ථ නොකළේ නම් සිවිල් වැසියන් 50 කට අධික පිරිසක්‌ ජීවිතක්‍ෂයට පත් වීමට ඉඩ තිබු බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා.

(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post