කොකේන් ආනයනය හේතුවෙන් සිදුවන තවත් දෙයක් ගැන හෙළිදරව්වක්

views 289 2017-07-25 09:21:00 business

බ්‍රසීලයෙන් සීනි ගෙන්වීම නතර කිරීම තුළින් වසරකට රුපියල් කෝටි 275 ක පාඩුවක් රටට සිදුවන බව සීනි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

සතොස ආයතනයට බ්‍රසීලයෙන් ගෙන්වන ලද සීනි කන්ටේනරයක තිබී කොකේන් කිලෝග්‍රෑම් 218යි ග්‍රෑම් 600ක් පසුගියදා සොයා ගත්තා.

එයත් සමඟ බ්‍රසීලයෙන් සීනි ගෙන්වීම නතර කිරීමටයි බලධාරින් පියවර ගත්තේ.

එමෙන්ම, දැනට බ්‍රසීලයෙන් ගෙන්වන ලද සීනි කන්ටේනර් 50 කට වැඩි සංඛ්‍යාවකට සීල් තැබීමටද පොලිසිය කටයුතු කර තිබෙනවා.

සීනි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ රටේ සමස්ත සීනි පරිභෝජනයෙන් සියයට 60 ක ප්‍රමාණයක් ගෙන්වනු ලබන්නේ බ්‍රසීලයෙන් බවයි.

මේ හේතුව නිසා රටට විශාල ආර්ථික පාඩුවක් දැරීමට සිදුවනු ඇති බවයි එම සංගමයේ මාධ්‍ය ලේකම් හේමක ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post