පාකිස්ථානයේ - ලාහෝර් නුවර යතුරුපැදි බෝම්බයකින් 26 ක් මරුට

views 241 2017-07-25 09:17:00 world

පාකිස්ථානයේ - ලාහෝර් නුවර ජනාකීර්ණ වෙළඳපොලක් අසලදී යතුරුපැදියකින් පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (24) එල්ල වූ මෙම ප්‍රහාරයේදී තවත් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, ප්‍රහාරයේ වගකීම පාකිස්ථාන් - තලෙයිබාන් සංවිධානය විසින් භාරගෙන ඇති බව සඳහන්.

ප්‍රහාරයේ ඉලක්කය පොලිස් නිලධාරින් බව සැලකෙන අතර, පිපිරීමත් සමඟ ලාහෝරයේ ගොඩනැගිලි රැසක ජනේල ආදිය කඩා වැටුණු බව ඇසින් දුටූවන් ප්‍රකාශ කළා.


(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post