ඉන්ධන මිල යළි ඉහළට

views 1097 2018-10-10 09:58:00 news

මිල සූත්‍රයට අනුව යළිත් වරක් ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ මිල සුත්‍රයට අනුව අද(10) මධ්‍යම රාත්‍රී  සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇති බවයි.

ඒ අනුව, රුපියල් 149 ට අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6 කින් වැඩිකර ඇත.  

රුපියල් 161 ට අලෙවි කරන ලද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 8 කින් සහ රුපියල් 133 ට අලෙවි කරන ලද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 8 කින් ද වැඩි කිරීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව, ප්‍රවාහන සහ ධීවර ක්ෂේත්‍රයන්ට අහිතකර බලපෑමක් ඇති කළ හැකි බැවින් මෙවර ඩීසල් මිල වැඩි නොකිරීමට රජය තීරණය කරන ලදී.

ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිලෙහි සිදුවන සංශෝධනයට අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරිම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පසුගියදා මිල සූත්‍රයක් හඳුන්වා දෙනු ලැබීය.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post