බහුතර බලයක් නොමැතිව භාරකාර ආණ්ඩු හදන්න බෑ

views 119 2018-10-10 08:53:00 news

පාර්ලිමේන්තුවේ  බහුතර බලය නොමැතිව කිසිවෙකුටත් භාරකාර ආණ්ඩු පිහිටුවීමේ හැකියාවක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත්. පී. පෙරේරා මහතා පවසයි.

විදුලිබල අමාත්‍යාංශයේ අද (10)  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දේශපාලනීක මෙන්ම ආර්ථික වශයෙන් රට අස්තාවර කිරිම සඳහා ඇතැම් පිරිස් මෙලෙස සාවද්‍ය ප්‍රකාශ කරණ බව අමාත්‍යවරයා පැවසීය.

ඕනෑම දේශපාලනික නායකයන් දෙදෙනෙකුට සුහද හමුවීම් සිදු කළ හැකි බවත් අමාත්‍යවරයා පැවසිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබුනු ජන වරම නොසලකා හැරිමක් සිදු නොකරණු ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසිය.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post