ඇමරිකානු උප ජනාධිපති ජපානයේ

views 93 2017-04-18 09:29:00 world

අග්නිදිග ආසියානු සංචාරයක නිරත වන ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් දැන් ජපානයට පැමිණ තිබෙනවා.

උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන හමුවේ ජපානයේ ආරක්ෂාව පිළිබදව පැහැදිලි ප්‍රතිඥාවක් ලබාදීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කියා සිටියේ ආරක්ෂාව සැලසීම වෙනුවෙන් ජපානය, ඇමරිකාවට ගෙවීමක් සිදුකළ යුතු බවයි.

එහෙත් ජපානයේ ආරක්ෂාව උදෙසා දශක ගණනාවක් තිස්සේ ඇමරිකාව දක්වන කැපවීම තහවුරු කිරීමට උප ජනාධිපති පෙන්ස් දැන් කටයුතු කරනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post