අමෙරිකා භටයින් 400 ක් සිරියාවේ මෙහෙයුම්වල

views 264 2017-03-10 09:48:00 world

අයි.එස් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පසුවන සිරියාවේ රකා ප්‍රදේශය අත්පත් කර ගැනිමේ මෙහෙයුම් සඳහා අතිරේක භටයින් 400 දෙනෙකු යෙදවිමට අමෙරිකාව පියවර ගෙන තිබේ.

අමෙරිකානු විශේෂ බලකා භටයින් දැනටමත් සිරියාවේ මෙහෙයුම්වල නිරතව සිටින අතර අමතර භට කණ්ඩායම වශයෙන් මැරීන්ස් භටයින් යොමු කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර අමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 20 දෙනෙකු පමණ මියගොස් ඇති බව ද වාර්තා වෙයි. 

(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post