ට්‍රම්ප් සහ ඔස්ට්‍රේලියානු අගමැති හමුවෙයි

views 247 2017-05-06 11:01:00 sport

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බූල් අතර හමුවක් සිදුව තිබේ.

අමරිකාවේ නිව්යෝර්ක් හීදි මෙම හමුව සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෙබරවාරි මාසයේදී දෙරටේ නායකයින් අතර සිදුවූ දුරකථන සංවාදයෙන් අනතුරුව හමුවූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකෙයි.

ඕස්ට්‍රේලියාව සමඟ සමීප සබදතාවක් පවතින බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

එම හමුවේදී ඕස්ට්‍රේලියාව හා ඇමරිකාවට බලපාන ආර්ථික, වෙළඳ ගණුදෙනු සහ ආරක්ෂාව සම්බන්ධ කරුණු පිලිබඳ සාකච්ඡා වී තිබේ.

එමෙන්ම සංක්‍රමණික ගැටළු පිළිබඳව ද ඔස්ට්‍රේලියානු හා ඇමරිකානු නායකයින් අවධානය යොමු කල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post