ට්‍රම්ප් නොවැම්බරයේ ආසියාවට

views 378 2017-04-21 10:04:00 world

මේ වසරේ නොවැම්බර් මාසයේ ආසියාකරයේ පැවැත්වෙන සමුළු 3 ක් සදහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගි වන බව ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ප්‍රකාශ කළා.

ඒ ඉන්දුනීසියාවේ - ජාකර්තා නුවර ආසියාන් සංවිධාන මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින්.

ආසියාන් මහලේකම්වරයා හමුවූ ඇමරිකානු උප ජනාධිපති පෙන්ස් කියා සිටියේ ජනාධිපති ට්‍රම්ප් ඇමරිකානු - ආසියාන් සමුළුව සදහා මෙන්ම, පිලිපීනයේ පැවැත්වෙන නැගෙනහිර ආසියාන් සමුළුව සදහා ද සහභාගි වන බවයි.

එමෙන්ම, වියට්නාමයේ පැවැත්වෙන ආසියා පැසිෆික් ආර්ථික සහයෝගිතා සංවිධානය හෙවත් ඒපෙක් සමුළුවට ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගි වන බව ඔහු කියා සිටියා.

එම සමුළු සියල්ල මේ වසරේ නොවැම්බරයේදී පැවැත්වීමට නියමිතයි.
(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post