තීරණාත්මක හෙට තරගය ගැන බංග්ලාදේශ පුහුණුකරුගෙන් අනාවැකියක්

views 4927 2017-03-31 09:23:00 sport

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීම මුලික අපේක්ෂාව බව බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසනවා.

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් බංග්ලාදේශයට ජය හිමිවු අතර දෙවන තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අත්හැර දැමුනා.

ඒ හේතුවෙන් හෙට පැවැත්වෙන අවසන් එක්දින තරග ජයග්‍රහණය දෙරටටම අතිශයින් වැදගත් වනු ඇති.

එම තරගය බංග්ලාදේශය ජයග්‍රණය කල හොත් ඔවුන්ට තරගාවලියේ ජයග්‍රහණය හිමිවන අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණය කලහොත් සම තත්වයෙන් තරගාවලිය අවසන් වනවා.

මේ වන විට එක් තරගයක් ජයග්‍රහණය කර සිටින තම කණ්ඩායම අවසන් තරගය ජයග්‍රහණය කිරීමට හැකි බවට දැඩි විශ්වාසයකින් පසුවන බවයි චන්දික හතුරුසිංහ මහතා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව මව් රට තුලදී ශක්තිමත් කණ්ඩායමක් වුව ද මීට පෙර පැවති තරග කිහිපයේදී ඔවුන්ට හොඳින් මුහුණදීමට හැකිවු බව ද හතුරුසිංහ සඳහන් කරනවා.

එබැවින් අවසන් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තීරණාත්මක තරගයක් විය හැකි බවයි බංග්ලාදේශ පුහුණුකරුවාගේ මතය වන්නේ.

එමෙන්ම මෙම තරගය දැඩි තරගකාරී බවක් ගනු ඇතැයි ද චන්දික හතුරුසිංහ මහතා ප්‍රකාශ කලා.


(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post