කොදෙව්-පකිස්ථාන තෙවන තරගය අදයි

views 369 2017-05-12 09:02:00 sport

සංචාරක පකිස්ථාන කණ්ඩාම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය අදයි.

ඊයේ දිනයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 14ක් ලබා සිටියේය.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 376ක් ලබා ගත්තේය.

පකිස්ථානු ඉනිම වෙනුවෙන් ආසාර් අලි ලකුණු 127ක් ලබා ගැනීමට සමත් වුණි.

පන්දු යැවීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ රොස්ටන් චේස් කඩුලු 04ක් බිද හෙලූ අතර ජේසන් හෝල්ඩර් කඩුලු 03ක් බිද හෙලීය.

මේ අතර  ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ මුම්බාය් ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවැති තරඟයේ ලකුණු 07 ජයක් ලබා ගැනීමට කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම ඊයේ සමත් වුණි.

 තරඟයේ කාසියේ  වාසිය දිනූ මුම්බායි කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව පන්ජාබ් කණ්ඩායමට ලබා දුනි.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 230ක් වාර්තා කළේය.

එම ඉනිම වෙනුවෙන් රිදීමන් ෂා නොදැවී ලකුණු 93ක් ලබා ගැනීමට සමත් වුණි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 223ක් පමණි.


(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post