හැටන් නගරයේ දී කළ අමුතු හොරකමක CCTV දර්ශණ එළියට එයි

views 3884 2017-03-20 01:48:00 news

හැටන් නගරයේ කාලයක් තිස්සෙ සිදු කළ අමුතුම තාලයේ සොරකමක් සී.සි.ටීවී දර්ශනවලින් හෙලිදරව් වී තිබෙනවා.

හැටන් නගරයේ පැතිවීදියේ ජංගම දුරකථනවලට රීලෝඩ් දමන වෙළදසැලකට ඊයේ (19) රාත්‍රි 8.55 ට පමණ පැමිණි තරුණයෙකු එම වෙළදසැලේ සේවකයා මදක් බැහැරට ගිය අවස්තාවේ ස්වංක්‍රියව රීලෝඩ් දමන යන්ත්‍රයෙන් රැපියල් පන්සියක රීලෝඩයක් දමා වෙළදසැලේ තිබෙන තවත් ස්වංක්‍රිය යන්ත්‍රයක් රැගෙන එම රීලෝඩය තහවුරු කරගන්නා ආකාරය සි.සි.ටීවී කැමරාවේ පැහැදිලිව සටහන් වී තිබුණා.

කාලයක් තිස්සේ තමන්ගේ රීලෝඩි ගිණුමෙන් මුදල් අඩුවන බවයි එම වෙළදසැල් හිමියා පවසන්නේ.

මෙම සොරකම සිදුකළ සැකකරු සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් සිදුකරන බවද වෙළදසැල් හිමියා වැඩි දුරටත් ප්‍රකාශ කළා.


(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post