බංග්ලාදේශ-ශ්‍රී ලංකා තරඟයේ සිව්වන දිනය අදයි

views 262 2017-03-10 09:46:00 sport

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව් වන දිනය අදයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10) පෙරවරු 09.45ට තරඟය ආරම්භවීමට නියමිතය.

ඊයේ(09)  දිනයේ ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තේ පානයෙන් අනතුරුව ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැත.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණූ 494ට පිළිතුරු වශයෙන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 312ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමට වඩා ලකුණූ 182ක් ඉදිරියෙන් පසු වෙයි.
(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post