මහ නා හිමියන්ට ගෞරව දැක්වීමට පළමු විස්සයි විස්ස තරඟයට පෙර විනාඩියක නිහඬතාවක්

views 1581 2017-04-04 09:37:00 sport

බංගලාදේශය සමඟ අද පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟයට එක්වන සියලුම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් අතේ තැඹිලි පැහැති පටියක් සමඟ තරඟයට එක්වනු ඇති.

ඒ අපවත් වී වදාල ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අති පුජ්‍ය දවුල්දෙන ඤානීස්සර මහ නා හිමියන්ට ගෞරව දැක්වීමක් වශයෙන්.

මේ අතර තරඟය ආරම්භ වීමට පෙර විනාඩියක නිහඬතාවක් පැවැත්වීමටද කටයුතු යොදා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - බංග්ලාදේශ පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.

තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය උපුල් තරංගට පැවරී තිබෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්ගේ පාදයේ ආබාධය තවමත් සුව නොවීම හේතුවෙන්.

ඕස්ට්‍රේලියාව සමඟ පැවැති පන්දු වාර 20 තරගාවලියට සහභාගි නොවූ ෂෙහාන් ජයසූරිය සහ තිසර පෙරේරා මෙම සංචිතයට කැදවා තිබෙනවා.

කුසල් මෙන්ඩිස් ද පන්දු වාර 20 සංචිතයෙන් ඉවත් කර තිබුණා.


(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post