අයි.එස්. ප්‍රබල බලකොටුවක් යළි ඉරාක හමුදාව යටතට

views 412 2017-06-28 10:08:00 world

අයි.එස් ත්‍රස්ත ග්‍රහණයේ තිබූ ඉරාකයේ මෝසුල් නගරයේ පිහිටා ඇති පැරණි නගරයේ කොටසක් ඉරාක හමුදාව යළි අත්පත් කරගෙන තිබෙනවා.

මෙම නගරය අල්ලා ගැනීමේ හමුදා ක්‍රියාන්විතය මාස 8ක් පුරා අඛණ්ඩව සිදුකෙරුණු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම පැරණි නගර ප්‍රදේශය අත්පත් කර ගැනීමත් සමඟ මෝසුල් නගරයේ වැඩි කොටසක් මේ වන විට පවතින්නේ ඉරාක රජයේ හමුදා ග්‍රහණයේයි.

මේ අතර, මෝසුල් නගරය සම්පූර්ණයෙන් අත්පත් කර ගැනීම සඳහා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඉරාක අග්‍රාමාත්‍ය හයිඩ අල් අබාදි ප්‍රකාශ කර තිබෙනවා.

(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post