සිරියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් 100ක් මරු දකියි

views 173 2017-04-17 01:56:00 world

සිරියාවේ නගර දෙකකට එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 100 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිරියාවේ අලෙප්පෝ සහ රෂිඩින් නගර ආශ්‍රිතව මෝටර් රථවල අටවා තිබූ බෝම්බ මෙලෙස පුපුරවා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 අදාළ ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 55 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

මගීන් රැගත්  බස් රථ ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය දියත් කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් අදාළ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් බාරගෙන නොමැති බව සඳහන්වේ.


(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post