බැසිල්ට අයත් බව කියූ මල්වානේ ඉඩම වෙන්දේසි කිරීම අත්හිටුවයි

views 582 2017-03-20 05:25:00 news

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව කියූ මල්වානේ පිහිටි නිවස මහජන සුබසිද්ධිය සඳහා යොදවන බව නීතිපතිවරයා දන්වා ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නා.

නඩුවට අදාළ මෝසමක් පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට  අද ඉදිරිපත් කළ අවස්ථාවේදී නිලුපුලී ලංකාපුර මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ලබන 29 වනදා පැවැත්වීමට නියමිතව තිබූ අදාළ ඉඩමේ වෙන්දේසිය අත්හිටුවන බවයි.

ඉඩම සම්බන්ධයෙන් වන තීන්දුව 23 වන දා ප්‍රකාශයට පත් කරන බව ද මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නා.

අක්කර 16කින් සමන්විත මෙම ඉඩමෙහි වටිනාකම රුපියල් විසිකෝටි අසූ ලක්ෂයක් බවට ද රජය තක්සේරු කර ඇති බව සදහන්.


(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post