ශ්‍රී ලංකා - බංග්ලාදේශ තුන්වන එක්දින තරඟය හෙට

views 391 2017-03-31 09:18:00 sport

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක තුන්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය හෙට (01) කොළඹ එස්.එස්.සී ක්‍රිඩාංගණයේදී පැවැත් වෙයි.

තරඟ 03කින් සමන්විත තරඟාවලියේ එකට බිංදුවක් ලෙස මේ වන විට පෙරමුණේ පසුවන්නේ බංග්ලාදේශ කණ්ඩායමයි.

බංග්ලාදේශ කණ්ඩායමට හෙට තරඟය ජය ගතහොත් තරඟාවලි ජයග්‍රහණයක් ලබා ගත හැකි වන අතර තරඟවාලිය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනිමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යෙන්ම එම තරඟය ජයගත යුතු වෙයි.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ ප්‍රකාශ කර ඇත්තේ තරඟාවලි ජයග්‍රහණය සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉහල මට්ටමක පවතින බවයි.

(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post