දකුණු කොරියාවේ හිටපු ජනපතිනිය අත්අඩංගුවට

views 244 2017-03-31 09:21:00 world

බලයෙන් පහ කෙරුනු දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාර්ක් ග්වෙන් හයි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඇයට එල්ලවී ඇති දුෂණ චෝදනා කිහිපයකට අදාළවයි.

මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ අධිකරණය දැනුවත් කිරීමෙන් අනතුරුව ඇය රැඳවුම් මධ්‍යස්ථානයකට රැගෙන යමින් පවතින බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

ඇය දුෂණය සහ බලය අයුතු ලෙස යොදා ගැනීමේ චෝදනාව මත පසුගියදා දෝෂාභියෝගයකට ලක්කරනු ලැබුවා.

ඒ අනුව, බලයෙන් පහ කෙරුණු දකුණු කොරියාවේ හිටපු ජනපතිනිය අත්අඩංගුවට ගැනීම සදහා එරට අධිකරණය නියෝගයක් නිකුත් කළේ ඊයේ දිනයේදීයි.

ඒ අල්ලස, අධිකාරි බලය, අයුතු ලෙස යොදා ගැනීම, බලහත්කාරකම් සහ රජයේ රහස් හෙළිදරව් කිරීම යන චෝදනා පිළිබදව පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි.

හිටපු ජනපතිනියට එරෙහිව එල්ල වී ඇති චෝදනාවල සාක්ෂි විනාශ කිරීමේ අවදානමක් පවතින බැවින් ඇය අත්අඩංගුවට ගැනීම අත්‍යාවශ්‍ය බව අධිකරණයේ තීන්දුව වුණා.

පාර්ක් ගුවෙන් හයි බලයෙන් පහ කිරීම නිසා දකුණු කොරියාවේ මීළග නායකයා තෝරා ගැනීමේ ජනපතිවරණය ලබන මැයි 9 වනදා පැවැත්වීමට නියමිතයි.


(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post