බ්‍රහස්පතින්දා සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයට එන සුවිශේෂී කණ්ඩායම මෙන්න

views 260 2017-07-04 09:59:00 sport

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තුන්වන එක්දින තරඟය බ්‍රහස්පතින්දා හම්බන්තොට - සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

එමෙන්ම 4 වන සහ 5 වන එක්දින තරඟ ජුලි 8 වන දා සහ 10 වන දා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතයි.

දුරස්ථබව ඇතුළු විවිධ හේතූන් මත සූරියවැව ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර තරඟ පැවැත්වෙන්නේ කලාතුරකින්.

ක්‍රීඩාංගණය පිහිටා ඇත්තේ වන අලි ගැවසෙන රක්ෂිතයක් ආසන්නයේයි.

විශේෂයෙන් මීගහජඳුර සහ නුගේවෙලයාය ප්‍රදේශයේ සිටින වන අලි ක්‍රීඩාංගණය වෙත පැමිණීම වැළැක්වීම සඳහා දැනටමත් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා විශේෂ කණ්ඩායමක් ද පත් කර ඇති බව සඳහන්.

හම්බන්තොට වනජීවි කාර්යාලයේ නිලධාරීන් සඳහන් කළේ මෙහෙයුමේදී වනයේ තාවකාලික මාර්ග පද්ධතියක් ද සකස් කිරීමට සිදුවන බවයි.

(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post