බංගලාදේශය ආසියානු කුසලානයේ අවසන් තරගයට

views 240 2018-09-27 09:55:00 sport

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගවෙලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුණි.

ඊයේ(26) පාකිස්ථානය සමඟ පැවති තරගය ලකුණු 37කින් ජයගනිමින්ය .

තරගයේ කාසියේ වාසිය දිනූ බංගලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන් පන්දු වාර 48යි පන්දු 05ක් තුළ සියලු ක්‍රිඩකයින් දැවී ලකුණු 239ක් ලබාගත්තේය.

බංගලාදේශ ඉනිම වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් ලකුණු 99ක් සහ මොහොමඩ් මිතුන් ලකුණු 60ක් ලබාගැනීමට සමත් වුණි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායමට නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 202ක් පමණයි.

පන්දු යැවීමේදී මුස්ටෆිසර් රහමාන් කඩුලු 04ක් බිඳහෙළුවේය.

ඒ අනුව බංගලාදේශ කණ්ඩායම ඉන්දීය කන්ඩායම සමඟ හෙට දිනයේදී ආසියානු කුසලානයේ අවසන් තරඟගයට සුදුසුකම් ලබාගත්තේය.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post