සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

views 123 2018-09-27 09:48:00 world

මෙම සතිය අවසානයේ පැමිණීමට නියමිත සුළි කුණාටුවක් සම්බන්ධයෙන්  ජපානයට හා තායිවානයට අනතුරු අඟවා තිබේ.

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට නිරීක්ෂණය වූ තොරතුරු අනුව  මේ බව දැනුම් දී ඇති අතර එය පස් වන අදියරේ සුළි කුණාටුවක් බව එම මධ්‍යස්ථානය දැනුම් දී ඇත.

පැයට කිලෝ මීටර 195ක පමණ වේගයකින් සුළඟේ වේගය සටහන් වනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඒ අනුව ජපානයේ රුක්යූ දූපත හා ඔකිනාවා ප්‍රදේශ වලට හා තායිවානයේ ඇතැම් ප්‍රදේශ වලට ද සෙනසුරාදා දිනය වන විට එහි බලපෑම් එල්ල වනු ඇති බව වාර්තා වෙයි.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post