සිංගප්පූරුව සමග නිදහස් වෙළද ගිවිසුම ජූලි මාසයට පෙර

views 284 2017-05-12 08:58:00 business

සිංගප්පූරුව සමග නිදහස් වෙළද ගිවිසුම මේ වසරේ ජුලි මාසයට පෙර අත්සන් තැබීමට හැකිවනු ඇතැයි ජාත්‍යන්තර වෙළදාම පිළිබද අමාත්‍ය මලික් සමරවික්‍රම පවසනවා.

එමෙන්ම, චීනය සමග ද මේ වසර නිමවීමට පෙර තවත් නිදහස් වෙළද ගිවිසුමකට එළඹීමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළා.

අමාත්‍යවරයා උපුටා දක්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රකාශ කළේ සිංගප්පූරුව සමග එක්ව නව නිදහස් වෙළද කලාප මෙරට ඇති කිරීමට අදහස් කරන බවයි.

එමගින් මෙරට ආයෝජන කටයුතු තවදුරටත් දිරිගැන්විය හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.


(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post