දාහත් වසරකට පසු ගාල්ලේ අද ජාත්‍යන්තර එක්දින තරගයක්

views 1077 2017-06-30 09:41:00 sport

වසර 17 කට පසු එනම් 2000 වසරෙන් පසු ප්‍රථම වරට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ අද (30) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙනවා.

ඒ සංචාරක සිම්බාබ්වේ පිල සමගයි. ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් ලෙස නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, නව ක්‍රීඩක අමිල අපොන්සු ද සංචිතයට ඇතුළත්.

සිම්බාබ්වේ පිල මෙතෙක් මෙරට පැවති එක්දින තරගයකදී ශ්‍රී ලංකාව පරාජයට පත් කර නැහැ.

(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post