ස්වශක්ති ණය යෝජනා ක්‍රමයට ඉහළ ඉල්ලුමක්

views 317 2017-03-09 10:51:00 business

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් මෑතකදී ආරම්භ කළ ස්වශක්ති ණය යෝජනා ක්‍රම යටතේ ණය ලබා ගැනීම සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය ප්‍රකාශ කළා.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකු 17කින් ණය ලබා ලබාදීම සිදුවන අතර, සියයට 5.5ක අවම පොළියක් යටතේ ලක්ෂ දෙකහමාරක උපරිමයකට යටත්ව ණය ලබාදීම සිදුකෙරෙනවා.

එමෙන්ම අලුතින් ආරම්භ කෙරෙන ව්‍යාපාර සඳහා නැවත අය කර නොගන්නා රුපියල් 50,000ක මුදලක් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදීම ද විශේෂත්වයක්.

පසුගිය පෙබරවාරි 8 වන දා ආරම්භ කෙරුණු මෙම ණය යෝජනා ක්‍රමයෙන් ණය ලබා ගැනීම සඳහා මාර්තු 3 වන දා වන විට අයදුම්පත්‍ර 35,200ක් ලැබී තිබූ බව ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය ප්‍රකාශ කළා.
(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post