සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරඟ දෙකට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

views 3248 2017-06-28 09:46:00 sport

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින තරග දෙක සඳහා ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රි ලංකා සංචිතය ඊයේ නම් කෙරුණා.

සුපුරුදු පරිදි ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමේ නායකත්වය දරන අතර උපනායකයා ලෙස කටයුතු කරන්නේ උපුල් තරංග.

නවක ක්‍රීඩක වනිදු හසරංග සහ ලහිරු මධුෂංක මෙන්ම අකිල ධනංජය ද මෙම සංචිතයට ඇතුළත්.

ලසිත් මාලිංග ද මෙම සංචිතයට නම් කර තිබෙන නමුත් ඊයේ පැවැති විනය පරීක්ෂණයේ අවසන් ප්‍රතිඵලය අනුව ඔහුගේ සහභාගීත්වය තීරණය කෙරෙන බවයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණේ.

කෙසේ වෙතත්, ඊයේ පස්වරුවේ පැවැති විධායක කමිටු රැස්වීමේදී තීරණය කර තිබෙන්නේ දඩ මුදලක් පැනවීමෙන් පසු මාස 6 ක පරිවාස කාලයකට ද යටත්ව මාලිංගට ක්‍රීඩා කිරීමේ අවසරය ලබාදීමටයි.

මේ අතර, සිම්බාබ්වේ සහ ඉන්දියානු කණ්ඩායම්වල මෙරට තරග සංචාර සදහා ශ්‍රි ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ නික් පෝතස් පත්කරන්නට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු එක්දින තරගය ලබන සිකුරාදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය පහතින්

Angelo Mathews (c),
Upul Tharanga,
Niroshan Dickwella (wk),
Danushka Gunathilaka,
Kusal Mendis,
Asela Gunaratne,
Wanidu Hasaranga,
Lakshan Sandakan,
Akila Dananjaya,
Nuwan Pradeep,
Lasith Malinga,
Dushmantha Chameera,
Lahiru Madushanka.


(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post