ජය රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමටයි

views 171 2017-04-19 09:18:00 sport

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය යටතේ ගුජරාට් ලයන්ස් කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් ලකුණු 21ක ජයක් හිමිකර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සමත්ව තිබේ.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බැංග්ලොර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 213ක් ලබාගැනීමට සමත් විය.

එම ඉනිම වෙනුවෙන් ක්‍රිස්ගේල් පන්දු 38ක් තුළ හයේ පහරවල් හතක් සහ හතරේ පහරවල් 5ක් සමඟින් ලකුණු 77ක් ලබාගත්තේය.

විරාත් කෝලී ලකුණු 64යි.

පිළිතුරු ඉනිම සදහා පිටියට පිවිසි ගුජරාට් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 192ක් පමණි.

එම ඉනිම වෙනුවෙන් බ්‍රේන්ඩන් මැකලම්  පන්දු 44ක් තුළ හයේ පහරවල් 7ක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 72ක් ලබාගැනීමට සමත් විය.

(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post