ජනපති ට්‍රම්ප් ඇමරිකානු සංක්‍රමණික නීතිය යළි වෙනස් කරයි

views 459 2017-03-07 09:54:00 world

ඇමරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ නව නීති රෙගුලාසි පෙළක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ, ඔහු කලින් පැනවූ නියෝග අධිකරණය මගින් අභියෝගයට ලක් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ ඔහු අත්සන් තැබූ නව නියෝගයට අනුව මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉරානය, ලිබියාව, සිරියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවලින් සංක්‍රමණිකයන් පැමිණීම දින 90කට අත්හිටුවා තිබෙනවා.

කෙසේ නමුත්, ඇමරිකාවේ රැඳී සිටිමින් සේවය කිරීම සඳහා ග්‍රීන් කාඞ් පත් හිමි පුද්ගලයන්ට එය බල නොපාන බව ධවල මන්දිරය සඳහන් කළා.

(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post