වෙනිසියුලාවේ උද්ඝෝෂණකට එල්ල වූ වෙඩි තැබීමකින් 2ක් එලොව යයි

views 358 2017-04-20 10:11:00 world

වෙනිසියුලාවේ උද්ඝෝෂණකට එල්ල වූ වෙඩි තැබීමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවික්ෂයට පත්ව තිබේ.

වෙනිසියුලානු රජයට එරෙහිව පැවති උද්ඝෝෂණයක් අතරතුර එරට පොලීසිය විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝට එරෙහිව දහස් සංඛ්‍යාත ජනතාවක් උද්ඝෝෂණ වල නිරත වී සිටින බව සඳහන්වේ.

නව ජනාධිපතිවරණයක් පවත්වන ලෙස සහ අත්අඩංගුවේ සිටින විපක්ෂයේ දේශපාලඥයින් නිදහස් කරන ලෙස බල කරමින් මෙම උද්ඝෝෂණ පවත්වා තිබේ.

උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කර තිබේ.

(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post