අවසන් පන්දුවාරය තෙක් ජයග්‍රහණය දෙපිළටම දෝලනය වූ කොල්කටා, දිල්ලි ගැටුම

views 164 2017-04-18 09:33:00 sport

ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරඟාවලියේ 18 වන තරඟය ලෙස දිල්ලි නුවර ෆෙරෝසා කොට්ලා ක්‍රීඩාංගනයේදී ඊයේ පැවති තරඟය ජයග්‍රහණය කිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් කණ්ඩායම කඩුලු 04කින් පරාජය කරමින්.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 168 ක් ලබා ගත්තා.

ඩෙයාර් ඩිවිල්ස් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු සංජු සැම්සන් ලකුණු 39ක් රැස් කල අතර රිෂාබ් පන්ත් ලකුණු 38ක් රැස්කිරීමට සමත්වුණා.

ශ්‍රීලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිවුස් දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් කණ්ඩායම වෙනුවෙන් ඊයේ තරඟ බිමට පිවිස සිටියා.

ලකුණු 169 ක ජයග්‍රාහී ඉලක්කයක් සොයා ගිය කොල්කටා පිලට පන්දු වාර 19 යි පන්දු 05 ක් තුල කඩුලු 06 ක් දැවී එම ඉලක්කය පසුකර යෑමට හැකියාව ලැබුණා.

අවසන් පන්දුවාරය වෙනතෙක් තරඟයේ ජයග්‍රහණය දෙපිළටම දෝලනය වෙමින් තිබූ අතර අගනා ඉනිමක් ක්‍රීඩාකළ මනීෂ් පාන්ඩේ කොල්කටා ඉනිමේ අවසන් පන්දුවාරයේ අවසන් පන්දු තුනේදී ක්‍රියාත්මක වෙමින් තරඟයේ ජයග්‍රහණය කොල්කටා දෙසට හරවා ගැනීමට සමත් වුණා.

එහිදී මනීෂ් පාන්ඩේ පන්දු 49කදී නොදැවී ලකුණු 69ක් රැස් කිරීමට සමත්වුණේ හතරේ පහර 04ක් සහ හයේ පහර 03ක් සමගින්.

තරඟයේ ජයග්‍රහණය තීරණය වූ අවසන් පන්දුවාරය පහතින්.


(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post