උතුරු කොරියාවෙන් ඇමරිකාවට දැඩි අනතුරු ඇඟවීමක්

views 400 2017-04-18 09:32:00 world

ඇමරිකාවට දැඩි ප්‍රතිචාරයක් දක්වමින් සිය මිසයිල අත්හදා බැලීම් සති පතා කිරීමට සූදානම් බව උතුරු කොරියාව ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර වශයෙන් එල්ල වන විරෝධතා නොතකමින් උතුරු කොරියාව පසුගිය සෙනසුරාදා තවත් මිසයිල අත්හදා බැලීමක් සිදුකිරීමට උත්සාහ කර ඇති අතර එය අසාර්ථක වූ බවයි දකුණු කොරියාව සහ ඇමරිකාව සදහන් කළේ.

එය ඇමරිකානු සයිබර් ප්‍රහාරයකින් අකර්මන්‍ය කළ බවට ද මතයක් පළ වනවා.

උතුරු කොරියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා බී.බී.සී. ප්‍රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඊයේ සදහන් කළේ ඇමරිකාවට එරෙහිව පූර්ණ බලය යොදා න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට ද තම රට සූදානම් බවයි.
Make a Comment

(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post