නරේන්ද්‍ර මෝදි ඊශ්‍රායලයට

views 176 2017-07-04 09:51:00 world

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද ඊශ්‍රායලයට පැමිණෙනවා.

ඊශ්‍රායලයේ සංචාරය කරන ප්‍රථම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වන්නේ ද ඔහුයි.

කෙසේ නමුත්, පලස්තීනුවන් සමඟ ඉන්දියාවේ සම්බන්ධතාවයට සංචාරයෙන් බාධාවක් නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ පැවැත්වෙන සාකච්ඡාවලදී ත්‍රස්තවාදය වැනි පොදු අභියෝග සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම යුද තාක්ෂණය දියුණු ඊශ්‍රායලයේ ඩ්‍රෝන් යානා සහ මිසයිල ආදිය ඉන්දියාවේ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍ය මෝදි කියා සිටියා.

(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post