මුම්බායි ඉන්දියන්ස් පරදවා පූනේ පිළට ලකුණු 3ක තියුණු ජයක්

views 1017 2017-04-25 09:49:00 sport

අයි.පී.එල්. තරගාවලියට අදාළව මුම්බායි හිදී ඊයේ පැවැති තරඟයකදී මුම්බායි ඉන්දියන්ස් පිළ පරදවමින් ලකුණු 3ක් තියුණු ජයක් ලැබීමට පූනේ සුපර්ජයන්ට් පිළ සමත් වුණා.

කාසියේ වාසිය දිනූ මුම්බායි පිළ පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස පූනේ කණ්ඩායමට ඇරයුම් කළ අතර ඔවුන් සිය පන්දු වාර විස්ස තුළ දී කඩුලු 6ක් දැවී ලකණු 160ක් රැස් කළා.

ලසිත් මාලිංග මෙම තරඟයේදී මුම්බායි පිළ නියෝජනය නොකළ අතර, ජස්ප්‍රිට් බුම්රා ලකුණු 29කට කඩුලු 2ක් බිද හෙලුවා.

ලකුණු 161ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි පිළට සිය පන්දු වාර 20 තුළ දී කඩුලු 8ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 157ක් පමණයි.

රෝහිත් ශර්මා එහිදී ලකුණු 58ක් ලබාගත් අතර බෙන් ස්ටෝක්ස් ලකුණු 21කට කඩුලු 2ක් බිද දැමුවා.

ඒ අනුව පූනේ පිළට මෙම තරඟයෙන් ලකුණු 3ක ජයග්‍රහණයක් හිමි වුණා.

මේ අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන දග පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං,තම  200 වන විස්සයි විස්ස කඩුල්ල දවා ගැනීමට සමත්වුණා.


(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post