ඇමතිවරයෙකුගේ වාහනයකට වැයවන මුදල ඇමති දයා හෙළිකරයි

views 1758 2017-05-19 11:46:00 news

රජයේ ඇමතිවරුන්ගේ නිල භාවිතය සඳහා ගෙන්වන වාහන සඳහා වැය වන්නේ එක් වාහනයකට රු. ලක්ෂ 75ක මුදලක් පමණක් වන බව ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ පවසනවා.
 
එම වාහනයක් සඳහා රු. ලක්ෂ 450ක් වියදම් වන බවට වන සාවද්‍ය මතයක් සමාජගත කර ඇතැයි ද  ඊයේ  (18) සිරිකොත දී පැවති එජාප මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියා.
 
බදු වශයෙන් අය කෙරෙන රු. ලක්ෂ 375ක මුදල භාණ්ඩාගාරයට යැවෙන බවත් හෙතෙම සඳහන් කළා.
 
පසුගිය රජය සමයේදී සිදු කළ ආකාරයට මෙම වාහන සඳහා රජයේ මුදල් අමතරව වැය කිරීමක් සිදු නොකොට අදාළ ඇමතිවරයාගේ අමාත්‍යංශයට සපයා ඇති ප්‍රතිපාදනවලින් වාහනය මිල දී ගැනීම සිදු වන බව ද ගමගේ මහතා පෙන්වා දුන්නා.




(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post