මාලිංගට අවසර ලැබෙයි - මැතිව්ස් කැඳවයි

views 2408 2017-05-03 09:17:00 sport

අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලිය ඉලක්ක කරගෙන ලබන 9 වැනිදා ආරම්භ වන පුහුණු සැසියට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නායක
ඇන්ජලෝ මැතිව්ස් හට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පවසනවා.

මැතිව්ස් මේ දිනවල රැදී සිටින්නේ අයි.පී.එල්. තරගාවලියේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම සමගයි.

අසේල ගුණරත්න මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඇතුළත් වුවත් ඔහු මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.

ක්‍රිකට් සභාපතිවරයා පැවසුවේ ලසිත් මාලිංගට අයි.පී.එල්. තරගාවලිය තුළ රැදී සිටිමින් ම තම පුහුණුවීම් කටයුතු සිදු කිරීම සදහා අවසර දී ඇති බවයි.

අයි.පී.එල්. තරගාවලිය මේ මස 21 වැනිදා දක්වා පැවැත්වෙනවා.


(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post